WordPress Themes එකක් කියල කියන්නේ Android Phone එකක තියෙන Launcher එකක් වගේ. ඒක Pre-made Template එකක්, WordPress Website එකක් හදනකොට Theme එකක් කියලා කියන්නේ නැතුවම බැරි දෙයක්. HTML එකෙන් දවස් ගානක් අරන් හදන වෙබ්සයිට් එක WordPress එකෙන් විනාඩි ගානකින් හදන්න පුලුවන් වෙන්නේ මෙන්න මේ Theme කියන දේ තියෙන නිසයි.
Wealthy Affiliate Account එකක් තියෙන ඕනම කෙනෙකුට නොමිලේ WordPress Themes 1000ට වඩා ගන්න පුලුවන්. ඒ තීම්ස් අතරේ ඔයට කැමති තීම් එකක් ඔයාට ඔයාගේ වෙබ්සයිට් එකට Apply කරගන්නත් පුලුවන්.
මේ තීම්ස් වලට අමතරව තවත් තීම්ස් ඕන තරම් තියෙනවා Download කරල අරගන්න, ඒත් ඒවට සල්ලි ගෙවන්න ඕන. සාමාන්‍යයෙන් තීම් එකක් ඩොලර් 49.00 ඉදලා උඩට තියෙන්නේ. රු. 10,000ක් වත් යනවා හොද තීම් එකකට. මම මේ Ceyloned.com කියන සයිට් එකට අද පාවිච්චි කරන්න යන්නේ ඒ වගේ තීම් එකක්. මේ WordPress Theme එකේ නම් Newspaper 9.8, මේක හුගක් ප්‍රසිද්ධ තීම් එකක්. Google Adsense වලටම කියලා හදලා තියෙන තීම් එකක් කිව්වොත් වඩා නිවැරැදියි.
මම සල්ලි වලට ගත්තු සහ Giveaway වලින් හම්බ වුන ගොඩක් Themes/Plugins මම නොමිලේ දීලා තියෙනවා මගේ Wealthy Affiliate Account එක හරහා.ඉතින් මං ගාව තියෙයි කියලා හිතෙන Tool එකක් හරි, Theme/Plugin එකක් හරි තියේ නම්, Wealthy Affiliate හරහා අහන්න, මම දෙන්නම්. (නොමිලේ)
කියවන්න – Google Adsense Approval ඉක්මනටම හම්බවෙන්න භාවිතා කලයුතු WordPress Themes
දැන් අපි බලමූ, මම ඩවුන්ලෝඩ් කරගත්ත Newspaper 9.8 Theme එක කොහොමද මගේ වෙබ්සයිට් එකට Apply කරගන්නේ කියලා.
1.ඉස්සෙල්ලම Wealthy Affiliate එකට ලොග්වෙන්න. Account එකක් නැත්තම් මෙතනින් ගිහිල්ලා Account එකක් හදාගන්න. ලොග් වුනාට පස්සේ, පහත විදිහට Websites කියන එක ක්ලික් කරන්න.
wealthy affiliate sinhala guide website wordpress sinhala
2. පසුව Site Manager යන්න ඔබන්න.
site manager sinhala wealthy affiliate 2020
3. දැන් Ceyloned.com යන්නෙහි පල්ලෙහායින් තිබෙන Login යන්න ඔබන්න. එවිට ඔබ වෙබ්සයිට් ඩෑශ්බෝර්ඩ් එකට යාවි.
site manager login wealthy affiliate
4. Website Dashboard හි ඇති Appearances යන්න ඔබන්න.
website appearnces 2020 sinhala guide
5. පින්තූරයේ දැක්වෙන අයුරෙන් Add New යන්න ඔබන්න.
add new theme sinhala wordpress
6. මෙම පිටුවේ ඔබට අවශ්‍ය තරම් Themes, Wealthy Affiliate මගින් නොමිලේ දී ඇති හෙයින් එයින් ඔබට කැමති එකක් තෝරාගන්න. ඔබ ලග ඩවුන්ලෝඩ් කරන ලද තීම් එකක් තිබේ නම් Upload Theme යන්න ක්ලික් කරන්න.
new themes wordpress sinhala
7. ඔබගේ තීම් ෆායිල් එක Choose කර Install යන්න ඔබන්න.
install wordpress theme sinhala guide 2020
8. Theme එකේ ප්‍රමාණයට අනුව අප්ලෝඩ් වෙන වෙලාව වෙනස් වීමට හැක. කෙසේ හෝ විනාඩි 10කට නොඅඩු කාලයකින් එය සම්පූර්ණයෙන්ම වගේ ඉන්ස්ටෝල් වේවි.
ඉතින් ඔන්න ඔය විදිහට සාර්ථකව Theme එක ඉන්ස්ටෝල් කරගත්තා කියලා කියන්නේ, ඔයාගේ වෙබ්සයිට් එකේ 50%ක් ඉවරයි කියන එක. මේ ටික හරියට කරානම්, ඔයාට දැන් ධනාත්මක සිතුවිල්ලක් ඇති ඔයාගේ වෙබ්සයිට් එක ගැන.
මේක කරගෙන යනකොට ගොඩක් ප්‍රශ්න ඒවී. අනිවාර්යයෙන්ම ඒවී. ඒවා ඔක්කොම පහුකරගෙන අපි යමු. මේ 2020 මුල් කාර්තුවේ මේ කරන වැඩේට ඉතාමත් හොද ඵ්ලයක් 2021 මුල් කාර්තුව වෙනකොට හම්බවෙයි කියන් එක මම මුලු හදවතින්ම විශවාස කරනවා.
මේ ලිපිය ගැන අදහස් පහල Comment කරන්න. පුලුවන් තරම් මේක් ගැන Share කරන්න. ඊළඟ ලිපියෙන් හම්බ වෙනකම් සුබ දවසක් හැමෝටම.

අන්තර්ජාලය හරහා සාර්ථකවම  මුදල් සොයන්න පුළුවන් ක්‍රමය දැනගන්න මෙය ක්ලික් කරන්න.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments