ඔයත් වෙබ් අඩවියක් හදන්න හිතාගෙන ඉන්නවද. ඒත් කොහොමද වෙබ් අඩවියක් හරියට හදාගන්නේ කියන එක ඉගෙන ගන්න ක්‍රමයක් හොය හොය ගියාද. එහෙනම් මේක තමයි ඔයාට හරියටම ගැලපෙන තැන. කේත කිසිම දෙයක් නැතුව මෙම ආටිකල් එක ඉවර වෙනකොට ඔයාට ඔයාගෙම කියලා වෙබ් අඩවියක් හදාගන්න පුලුවන් වෙයි කියන එක මට 100%ක් විශ්වාසයි. ඉතින් ආටිකල් එක ටිකක් දීර්ඝ එකක් වෙයි. ඒත් සම්පූර්ණ “මුල ඉදන් අග දක්වා වෙබ් අඩවියක් හදමු” කියන පාඨමාලාව එක වෙබ් ලිපියක් හැටියට ලියාගන්නයි මට ඕන වෙන්නේ. Learn how to create a wordpress blog or website in sinhala in this full course.

මේ වෙබ් ලිපිය බාගයක් දුරකින් නවත්තන්න හිතාගෙන කියවන්න එපා. ඒත් එක්කම මේක ලියන්න සතියකට වඩා ගිහින් තියෙනවා. පුලුවන් තරම් කෙටියෙන්, තේරෙන විදිහට ඒත් එක්කම සම්පූර්ණයෙන්ම පාහේ හැම තොරතුරක්ම අඩංගු වෙන විදිහටයි මෙය ලියලා තියෙන්නේ. ඒත් මේකේ නැති, ඒත් දැනගන්න කැමති තවත් දෙයක් තියෙනවනම්, කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.

ඔක්කොටමත් කලින් කියන්නම්, අපි මේ වෙබ් අඩවිය හදන්න යන්නේ WordPress එකෙන්. ඉතින් මේ ආටිකල් එක මුලුමනින්ම කියවලා ඉවර කරන කෙනෙක්ට WordPress එක ගැනත් ලොකු දැනුමක් හම්බ වේවී. ඉතින් හැදින්වීම නවත්තලා අපි වැඩේට බහිමු.

වෙබ් අඩවිය හදන්න පටන් ගන්න කලින් අපි මුලින්ම බලමු, වෙබ් අඩවියක් ආශ්‍රිතව පැන නැගෙන ප්‍රශ්න ටිකක් සහ ඒවාට පිළිතුරු.

වෙබ් අඩවියක් හදන්න, මූලිකවම අවශ්‍ය වෙන්නේ මොනවද? (What do you need to create a Website)

ඉතින් වෙබ් අඩවියක් පටන් ගන්න නම් අත්‍යවශ්‍යයෙන්ම අපිට දෙවල් තුනක් ඕන කරනවා.

  • Domain එක – මේක ගැන පල්ලෙහා ලොකු විස්තරයක් ඇති.
  • Hosting එක – මේක ගැනත් පල්ලෙහා ලොකු විස්තරයක් ඇති.
  • කම්මැලිකම නැතුව මේ ආටිකල් එක කියවන්න විනාඩි 45ක්
Buy Hosting for 3.95 Dollars and get a Domain for free. click on the Image – WordPress in sinhala

වෙබ් අඩවියක් හදන්න කෙතරම් මුදලක් වියදම් වෙනවද? (How Much does it Cost to Create a WordPress Website)

වෙබ් අඩවියක් හදන්න ඕන කියලා කියපු ගමන්, කට්ටියට මුලින්ම එන ප්‍රශ්නය නම්, “ඕක කරන්න දැන් කීයක් විතර වියදම් වෙනවද” කියන එක. ඒක ඇත්තටම සාධාරණ ප්‍රශ්නයක්. නිශ්චිතවම කියලා කියන්න ගාණක් නැහැ. සාමාන්‍යයෙන් ඔන්ලයින් වෙබ් නිර්මාණකරුවන් අතරේ කතා වෙන්නේ නම් වියදම ඩොලර් 100 ඉදලා ඩොලර් 3,000ක් වෙනකම් යනවා කියන එක. ඩොලර් 100ක් අවමය කියන්නේ ලංකාවේ රුපියල් වලින් රු. 18,500ක්.

ඒත් මම කියලා දෙන්නම් රුපියල් 10,000කට වඩා අඩුවෙන් වියදම් කරලා හොද සහ ගුණාත්මක වෙබ් අඩවියක් නිර්මාණය කරන්නේ කියලා.

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments