Neteller කියන්නේ මොකක්ද?
Neteller කියන්නේ තවත් එක් ප්‍රසිද්ධම  E-Wallet එකක්. Skrill හා සමාන සහ ඉතාමත් කාර්යක්ෂම E-Wallet එකක් කිවහොත් නිවැරැදියි.

ඇයි Neteller එකක් ඕන වෙන්නේ?

සාමාන්‍යයෙන් ලංකාවේ ඉදන් ඔන්ලයින් බිස්නස් එකක් කරන කෙනෙක්ට Paypal, Payoneer සහ Skrill කියන Account තුන අනිවාර්යයෙන්ම ඕන. Paypal සහ Payoneer Account දෙක සාපේක්ෂව Register වෙන්න පහසු උනාට, Skrill එහෙම නැහැ. Skrill එකක් හදාගත්තේ නැති කෙනෙක්ට Neteller එකක් හදාගන්න එක පහසුයි.

Skrill Account එකක් තියෙනවනම් Neteller account එකක් හදාගත්තට හොද නැද්ද?

Skrill එකක් තිබ්බත් Neteller ඇකවුන්ට් එකක් හදාගන්න. සමහර විට ඔබ Skrill එකට වඩා Neteller එකට කැමති වෙන්න පුලුවන්. ඒ වගේම මේ කිසිම E-Wallet එකක් හදාගන්න කිසිම මුදලක් වැය වෙන්නේ නැහැ.

Neteller Account එකක් හදාගන්න විදිහ.

1. Neteller.com වෙබ් පිටුවට පිවිසෙන්න. එහිදි  Join For Free යන්න ඔබන්න.

neteller sinhala

2. පසුව මෙසේ ඔබගේ මුල් නම සහ අවසාන නම් ලබා දෙන්න. පසුව ඊමේල් ලිපිනයක් ලබාදී, මුරපදයක් ද ලබා දෙන්න. දැන් Register Now යන්න ඔබන්න.

neteller sinhala login

3. ඔබගේ Neteller ගිණුම මෙසේ සැදෙනු ඇත. මෙහිදී Send and Recieve Money යන්න ක්ලික් කරන්න.

login sinhala

4. ඉහත පරිදි ක්ලික් කල විට Set Country & Wallet Currency යන්න තිරයේ දිස් වේ.පහත පරිදි එය පුරවන්න.

Set Country & Wallet Currency neteller

5. අවසානයෙ මෙම පහත් සදහන් තොරතුරු ටිකද පුරවන්න. එපමණයි.

your details neteller

අන්තර්ජාලය හරහා සාර්ථකවම  මුදල් සොයන්න පුළුවන් ක්‍රමය දැනගන්න මෙය ක්ලික් කරන්න.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Rashen Thraka
Rashen Thraka
3 years ago

Thank you ??