ලෝකයේ හුගක් දෙනෙක් මේ බ්ලොගින් Blogging හරහා රු. මිලියන ගානක් හොයන කොට, ලාංකිකයින් වශයෙන් අපි තාම හිතන්නේ දවසකට රු. 1000ක් වත් හොයාගන්න පුලුවන් උනා නම් හොදයි කියලා. ඒක වැරදියි කියලා මම කියන්නේ නැහැ. ඒත් රු. 1000ක් වෙබ්සයිට් එකකින් ලේසියෙන් හොයාගන්න පුලුවන් කියන ඒ සිතුවිල්ලයි වැරදියි කියන්නේ.
හොද WordPress Website එකක් තියෙනවා නම්, ඒ Site එක හොදටම Optimize කරලා නම් තියෙන්නේ ඒකෙන් හොයන්න පුලුවන් ගාණ රු. 100,000 පන්නන්න පුලුවන්, දවසකින්. ඔව්, එක දවසකින් රුපියල් ලක්ෂයක්!
ලෝකයේ ඉන්න වැඩි සාර්ථකත්වයක් බ්ලොග් කරුවන් එම තැනට එන්න දැඩි වෑයමක් දරලා තියෙන බව අපි ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕන. මේ වගේ සාර්ථක වෙබ්සයිට් එකක් පවත්වා ගෙන යන්න සල්ලි වලට වඩා උවමනා වෙන්නේ කැපවීම ඒත් එක්කම ඉවසීම.
නමුත් ලංකාවෙ බ්ලොග් කරුවෝ බොහොම වෙනස්. එයාලට ඕනෙ බ්ලොග් එකක් පටන් අරන් ලිපි 2ක් 3ක් ලියලා ලක්ෂ ගනනින් උපයන්න. ඉතින් ඒ වැඩේ අසාර්ථක වුනාම එයාලා බ්ලොග් එක කරන වැඩේ එතනින්ම අතරැලා දානවා. Wealthy Affiliate කරන්න පටන් ගත්ත අයත් මාසයකට පස්සේ ඒ වැඩේ අතරැලා දාපු එක මම දැක්කා. ඒ අස්සේ තවත් සීමිත පිරිසක් වෙබ් අඩවි හදන එක කරගෙන යනවා. ලංකාවෙ ගොඩක් බ්ලොග් වල දකින්න පුලුවන් ලිපි 5-6 පමණයි. එයාලා ආයෙ තමන්ගෙ බ්ලොග් යාවත්කාලීන කරන්නෙ නැති තරම්. මෙතන තමයි වෙනස. මට Personally මාරම් සතුටුයි මේ වෙනකොට Wealthy Affiliate හරහා Account එක හදාගෙන 4 දෙනෙක් Google Adsense වලින් සල්ලි හොයාගෙන ඉන්නවා කියනකොට.
wordpress in sinhala niche finding
Finding Niches For WordPress Website in Sinhala. ඒ කියන්නේ වෙබ් සයිට් එකක් හදන්න ඔක්කොටම කලින් තියෙන්න ඕන ඒ වෙබ්සයිට් එකට Niche එකක්. ඒක ගැන තමයි මේ කියන්න යන්නේ. කලින් කියපු දේවල් ඔක්කොම කිව්වේ, මේ වගේ වෙබ්සයිට් එකක් හදන්න පටන් ගත්තට පස්සේ නවත්තන්න හිතනවා නම්, ඒක ඇත්තටම නාස්තියක්.
Niche එකක් හොයාගමු. Finding a Niche in Sinhala.
ඉතින් අද අපි මේ කතා කරන්න යන්නෙ ඔයාට බ්ලොග් එකක් කරන්න හොද Niche එකක් එහෙමත් නැතිනම් ක්ෂේත්‍රයක් හරියටම තෝරා ගන්නේ කොහොමද කියලා.
Website Niche කියන එක ඔයාලට තාම තේරෙන්නේ නැතුව ඇති. ඔය Niche කියන දේ බෙදෙනවා Sub Niches වලට. ඊට පස්සේ ඔය Sub Niches බෙදෙනවා Micro Niches වලට.
උදාහරණයක් විදිහට ගත්තොත්, Food හෝ කෑම කියන්නේ Niche එකක්. ඒ වගේම Fast Food කියන එක ගත්තොත් ඒ තියෙන්නේ Food කියන Niche එකට අදාල වෙන Sub Niche එකක්. ඒ වගේම Pizza කියන එක ගත්තොත් ඒ තියෙන්නේ Fast Food කියන Sub Niche එකට අදාල වෙන Micro Niche එකක්. මම හිතන්නේ ඔයාට මේක දැන් හොදටම තේරෙනවා ඇති.
තවත් උදාහරණයක් කිව්වොත්,
Niche - Sports

Sub Niches - Football

Micro Niches - Lionel Messi/ Freestyle
දැනට තියෙන හොදම Blogging Niches ටික බලාගන්න මෙතනින් පිවිසෙන්න.
මේ ප්‍රධාන Niche අර කීවා වගේ Sub Niche, Micro Niche වලට පහසුවෙන් වෙන් කරන්න පුලුවන්. ලංකාව වගේ රටවලට මේ Sub Niche, Micro Niche වගේ ඒවා ගැලපෙන්නෙ නැහැ. ඒ මොකද කිව්වොත්ඔයා බ්ලොග් එක Target කරන්නෙ ලංකාවෙ අයට කියවන්න නම් අර වගේ Sub Niche හරි Micro Niche එකක් හරි තෝරා ගත්තොත් ඔයාගෙ ඉලක්කගත පිරිස බොහොම පොඩියි. මේ නිසා ඔයා අසාර්ථක වෙනවා. ඔයාගෙ niche එක පුලුල් වෙන තරමට තමා සාර්ථක. ඔයා ලංකාව නැතිව අන්තර්ජාතික පිරිසකට Target කරන් බ්ලොග් එක ලියනවනම් Sub Niche හෝ Micro Niche යන්න හුගක්ම හොදයි. හේතුව Competition එක හුගක් අඩු හින්දා.
උදාහරණයක් විදියට Aluth.com බ්ලොග් එක අලුත් Software ගැන විතරක්ම ලිව්වනම් එයාලගෙ බ්ලොග් එකට එන්නෙ  Softwares ගැන දැන ගන්න පිරිස විතරයි. නමුත් එයාලා Technology Field එකේ හැම පැත්තම වගේ (Android Tips,…etc) කවර් කරන හින්දා ලොකු Audience එකක් නිර්මාණය කරගන්න පුලුවන් වෙලා තියෙන්නෙ.
ඒත් එක්කම ඔයා හිතන්න, ඔයා කරන්නේ English Content වලින් Article ලියන එක කියලා. එතකොට ලංකාව නෙවෙයි මුලු අන්තර්ජාලයම ටාගට් කරගෙනයි කරන්නේ. ඒ වගේ වෙලාවකට Broad Niche එක හරියන්නේ නැහැ. ඔයා Softwares කියලා එකක් කරනවනම්, ගූගල් එකේ පලවෙනි පිටුවේ ඉන්න හැම සයිට් එකක්ම වගේ මහා දැවැන්ත සයිට්ස්. ඒ සයිට්ස් එක්ක අපිට තරගකරන්න බැහැ, ඒකයි මේ වගේ සයිට් එකකට Sub Niche එකක් හෝ Micro Niche එකක් ගන්න එක වඩාත් ඵලදායි වෙන්නේ. Android Tips කියලා නම් හදන්නේ ඔයාට සාර්ථක වෙන්න පුලුවන් අවස්ථාව හුගක් වැඩියි, Softwares කියලා යන්නේ නැතුව.Micro Niche එකක් නම් තවත් හුගක් හොදයි. ඒ කියන්නේ Android Pie Tips වගේ.
මම හිතන්නේ ඔයාට Niche කියන එකාට අයිඩියා එකක් ඇවිල්ලා ඇති දැන්.
ඉතින් ඔයත් Niche එකක් තෝරා ගනිද්දි කරන්න ඕනෙ හොද Broad Niche එකක් තෝරාගෙන ඒ ක්ෂේත්‍රයේ තවත් අනු ක්ෂේත්‍ර ගණනාවක් ගැන ඔයාගෙ බ්ලොග් එකේ ලිපි ලිවීමයි. මෙමගින් ඔයාට සැළකිය යුතු පිරිසක් ඔබේ වෙබ් අඩවියට ගෙන්න ගන්න පුලුවන්. (සිංහල සයිට් එකක් නම්)
ඔයාට ගැලපෙන Niche එක හොයාගන්නේ කොහොමද? How to find the Best Niche in Sinhala.
ඔයා හිතන්න, ඔයා දවසේ වැඩිම වෙලාවක් ගත කරන්නේ මොකටද? ඔයා සාමාන්‍යයෙන් හුගක්ම ආස කරන්නේ මොන වගේ දේවල් වලටද? ඔයා මොන වගේ දේවල් වලටද දක්ෂ? මේ ඕනම දෙයක් Niche එකක් වෙන්න පුලුවන්. Nich කියන දේ මේකයි, ඒකයි කියලා කාටවත්ම කියන්න බැහැ. හැමෝම Tech Blog හදනවා කියලා ඔයත් හදන්න ගියොත් ඒක Fail. හැමොම Gossip සයිට්ස් හදනවා කියලා ඔයත් හදන්න ගියොත් ඒත් ඔයා ෆේල්.
එහෙනම් මොනවද කරන්නේ?
කරන්න, ඔයා කැමති දේ ගැන. ඔයා Photography වලට කැමති කෙනෙක් වෙන්න පුලුවන්, අන්න එහෙනම් අර තියෙන්නේ සුපිරි Niche එකක්. අද වෙනකම් ලංකාවේ හොද Photography Blog එකක් මම දැකලා නැහැ. English කරනවා නම් කරන්න Android Photography වගේ. Lightroom and Photoshop Editing. ඔන්න ඔය වගේ. Niche එක මොනවා උනත් කමක් නැහැ, ඒක ඔයා කැමති සහ දන්න දෙයක් වෙන්නම ඕන. නැත්තම්, තවත් කෙනෙක්ගෙන් කොපි කරලා නම් සාර්ථක වෙන්න බැහැ.  (බැරිමමත් නැහැ, ඒත් ඒක අවදානම්)
ක්‍රිකට පිස්සෙක් වෙන්න පුලුවන්, Tv Series පිස්සුවෙන් බලන කෙනෙක් වෙන්න පුලුවන්. මේ ලගදී ආව Witcher වගේ දෙයක් Micro Niche විදිහට හදාගෙන ගියොත් ඒත් සුපිරි. ඇයි කිව්වොත්, අනිවාර්යයෙන්ම Wotcher එක් තව අවුරුදු ගානකට එනවා. එතකොට ඔයාගේ සයිට් එකත් පරනයි. Views එහෙම ඒවී සුපිරියටම. TV Series Niche එකට Tier 1 Countries වලින් Ad impression 1000ta රුපියල් 1500ක් වගේ හම්බ වෙනවා.
Best Niches to Choose In 2020 මෙතනින් පිවිසෙන්න.
මේකත් අන්තිමට කියන්නම්. සිංහල වෙබ් සයිට් එකට Adsense ගන්න බැරි බව ඇත්ත. ඒත් Adsense නැහැයි කියලා සල්ලි හොයන්න බැහැයි කියලා නැහැ. ස්තූතියි. ?

පැයක් තිස්සේ සෝෆා එක උඩ වාඩිවෙලා ලිව්ව මේ ලිපිය ගැන අදහස් හා ප්‍රශ්න එහෙම තියේ නම් පහතින් Comment කරලා යන්න. ඒ වගේම පුලුවන් නම් Facebook, Twitter, Whatsapp වගේ හැමතැනම share කරන්න.

අන්තර්ජාලය හරහා සාර්ථකවම  මුදල් සොයන්න පුළුවන් ක්‍රමය දැනගන්න මෙය ක්ලික් කරන්න.

2.7 3 votes
Article Rating
Subscribe
Notify of
guest
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Rashen Thraka
Rashen Thraka
3 years ago

Thanks ayye.

Vinod
Vinod
3 years ago

Niyamai mchn

subi
subi
3 years ago

Thank you very much Sinhala Guide. niches thora ganeema gana hoda adahasak labuna.