Niche එකට අදාල හොද Domain එකක් හොයාගන්නේ කොහොමද?
කලින් කිව්ව විදිහට හොද Niche එකක් දැන හොයගැන ඇති නේද. දැන් බලමු අපි ඊට පස්සේ මොනවද කරන්න ඕන කියලා.
අපිට ඕන වෙනවා, අපි ඒ හොයාගත්ත Niche එකට ගැලපෙන හොද Domain එකක් හොයගන්න. මොකක්ද මේ හොද Domain එකක් කියලා කියන්නේ? What is a Good Domain in Sinhala?
Domain එකක් කියන්නේ නමක්, ඒ නම කෙටිවෙන තරමට ඒක මතක තියාගන්න පුලුවන්. ඒක හින්දා උපරිම උත්සාහ ගන්න කෙටි නමක් Domain එකක් විදිහට ගන්න. එහෙමයි කියලා අකුරු 5ක 6ක ඩොමේන් එකක් වෙන්න ඕන කියලා නැහැ. Domain එක Short වෙන්න ඕන කියන්නේ, ඒක මතක තියාගන්න ලේසි එකක් නම්, වෙබ්සයිට් එක කටින් කට ඉක්මනට පැතිරෙනවා.
උදාහරණයක් වශයෙන් ගත්තොත් Wow.lk (අකුරු 3යි) එහෙමත් නැත්තම් Aluth.com(අකුරු 5යි), Myikman.lk (අකුරු 7යි) වෙබ්සයිට් Domain එක හුගක් කෙටි හින්දා වෙබ්සයිට් එක ඉක්මනට මතක හිටිනවා. මේ වගේ Domains ඉක්මනට ප්‍රසිද්ධ වෙනවා.
ඒ වගේම තව සයිට්ස් තියෙනවා නම කියවගන්න ලේසී නම් අකුරු ගාන වැඩි උනාට කමක් නැහැ.
උදාහරණ කිහිපයක් බලන්න;
1. BusinessInsider.com (අකුරු 15යි)
2. BrightSide.com (අකුරු 10යි)
3. Sinhalaguide.com (අකුරු 12යි)
Domain එකක් ගන්න කොට තවත් බලන්න ඕන දෙයක් තමයි, එම Domain Name එක ඔයාගේ වෙබ් සයිට් එකත් එක්ක කොතරම් දුරට ගැල්පෙනවද කියන එක. උදාහරණයක් වශයෙන්; Technology Niche එකකට Yummy.lk වගේ Domain එකක් හරියන්නේ නැහැ.
ඊළඟට බලන්න වෙන්නේ Domain Extension එක මොනවද කියලා, English Content දාලා WordPress Website එකක් හදනවා නම් .com නැත්තම් .net වගේ Extension එකක් තමයි හුගක්ම ගැලපෙන්නේ. ඒත් ඔයා කරන්න හිතාගෙන ඉන්නේ  සිංහල ලිපි ලියලා නම් Geo Domain එකක් ගන්න එක තමයි හුගක්ම හොද. ඒ කියන්නේ .lk Domain එකක්.
දැන් අපි බලමු කොහොමද හොද Domain Name එකක් හොයගන්නේ කියලා.
මම හදන්න යන්නේ Travel Blog එකක්, ඒකත් ලංකාව මූලික කරගෙන. එහෙනම් ඒකට හරියන්න Domain එකක් තමයි මම හොයාගන්න ඕන. මම මේ වෙබ්සයිට් එක English වලින් කරන්න හිතාගෙන ඉන්න හින්දා, ඒත් එක්කම Target කරන්නේ ලංකාවට එන Foreigners එහෙමත් නැත්තම් ලංකාවට එන්න හිතාගෙන ඉන්න අය හින්දා, මට හරියන්නේ .com Domain එකක්.
ඒ වගේම මට ඕන මගේ Domain එකේ කොහේහරි Ceylon කියන කෑල්ල තියෙන්න. ඒත් අවුල නම් Ceylon.com කියන එක මීට කලින්ම කෙනෙක් Register කරගෙන ඉවරයි. Domain එකක් ගන්නවනම් අනිවාර්යයෙන්ම ඒක Available Domain එකක් වෙන්නම ඕන. වෙන කවුරුහරි මීට කලින් Register කරපු දෙයක් අපිට එහෙම ගන්න බැහැ.
පියවරෙන් පියවර හොද Domain එකක් හොයන විදිහ.
1. ඉස්සෙල්ලම යන්න මේ වෙබ් අඩ්වියට – මෙතනින් යන්න ඊට පස්සේ එහි ඇති Generator යන්න ඔබන්න. පහත පින්තූරය දෙස බලන්න.
domain name generator sinhala sri lanka 2020
2. දැන් ඔබගේ Keyword එක යොදා Search කරන්න. මම Ceylon කියන නමට සමාන අඩවියක් තියෙනවද කියලයි බලන්නේ. එතකොට මේ විදිහට Ceylon කියන කෑල්ල අන්තර්ගත වෙන හැම Available Domain එකක්ම ඔයාට පෙන්නාවි.
ceyloned wealthy affiliate sinhala guide domain in sinhala
3. මම Ceyloned.com  කියන සයිට් එක ගත්තු හින්දා ඒ වෙබ් සයිට් එක දැන් Available නැති බව පේනවා ඇති.
domain unavailable sinhala
ඒ හොයපු Domain එක ගන්න පුලුවන් විදි දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් මමනම් මගේ හැම Domain එකම ගන්නේ Wealthy Affiliate එකෙන්. Wealthy Affiliate එකේ ඕනම .com Domain එකක් වෙන්නේ 13.99$ (අවුරුද්දකට), හැම අවුරුද්දෙම අපි ගන්න Domain වලට Renewal Price එකක් ගෙවන්න ඕන. Wealthy Affiliate එක මම තෝරගන්න හේතුව කොච්චර කල් ගියත් Wealthy Affiliate එකේ Domain Renewal Price එක වැඩි වෙන්නේ නැහැ.
ඒත් අපි ඕන තරම් වෙබ්සයිට්ස් දැකලා තියෙනවා Domain එකක් ගන්න පුලුවන් 0.99$ වලට පවා. ඔව්, නැතුව නෙවෙයි, Godaddy සහ Namecheap එකෙන් ඔය ගානට දෙනවා, ඒත් Renewal Price එක කොහොමද? 0.99$ පළවෙනි අවුරුද්දට, ඒත් දෙවෙනි අවුරුද්දට 42.99$ නම් කොහොමද සුන්දර ආතල් එක.  අවුරුදු 5ක් ගිහින් වෙබ්සයිට් එක හුගක් මාකට් උනාට පස්සේ Domain Renewal Price එක 5,000$ කිව්වත් ඔයාට් ඒක ගෙවන්න වෙනවා. ඒ වගේ වෙන්නේ නැහැ, ඇත්තටම, ඒත් ඒ, අවදානම කොහෙත්ම තියෙනවා.
මේක හින්දා වගේම තවත් හේතු හින්දා මම වැඩියෙන්ම Recommend කරන්නේ, Wealthy Affiliate Domains. ඒ වගේම තමයි Namecheap Domains මේකත් හුගක් හොදයි අනෙක් ඒවට සාපේක්ෂව.
Wealthy Affiliate එකෙන් Domain එකක් ගන්නේ කොහොමද?
1. ඉස්සෙල්ලම Wealthy Affiliate එකට ලොග්වෙන්න. Account එකක් නැත්තම් මෙතනින් ගිහිල්ලා Account එකක් හදාගන්න. ලොග් වුනාට පස්සේ, පහත විදිහට Websites කියන එක ක්ලික් කරන්න.
wealthy affiliate sinhala guide website wordpress sinhala
2. පස්සේ Site Domains යන්න ක්ලික් කරන්න.
site manager in wealthy affiliate sinhala
3.එහිදි ඔයා කලින් හොයාගත්ත Domain එකේ නම ගහලා Add to Cart දෙන්න. මම් කලින්ම ඒක රෙජිස්ටර් කරග්ත්තු හින්දයි මෙහෙම Manage කියලා පෙන්නන්නේ.
domain buying wealthy affiliate sinhala
4. අන්තිමට Checkout කරන්න. විනාඩි 10න් Domain එක ඔයාගේ Site Manager එකේ පෙන්නාවි.
ප්‍රශ්නයක් වෙතොත් මාව Wealthy Affiliate හරහා සම්බන්ධ කරගන්න. 
ඔන්න ඔහොමයි හොද Domain එකක් හොයාගන්නේ. මට නම් Ceyloned.com කියන එක හොයාගන්න ගියේ විනාඩි 10ක් වගේ. ඔයාට හොදයි කියලා හිතන එකක් සෙට් වෙනකම් හොයන්න, ඇයි කිව්වොත් දවසක් පිටකොටුවේ බේබද්දෙක් කියලා තියෙනවා “සොයන්නාට, හම්බ වෙයි” කියලා. බේබද්දෝ බොරු කියන්නේ නැහැ. ඔය හැමෝටම සුබ දවසක් වේවා.
ඊළඟ ලිපියෙන් හම්බ වෙමු.

අන්තර්ජාලය හරහා සාර්ථකවම  මුදල් සොයන්න පුළුවන් ක්‍රමය දැනගන්න මෙය ක්ලික් කරන්න.

4.5 2 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments